මා දයාබර ශ‍්‍රී ලාංකික සහෝදර සහෝදරවරුණි

සවූදි අරාබියාව හෝ මෙලොවේ මෙම හජ් උත්සවය මාගේ අවසන් හජ් උත්සවය විය හැක. මාගේ අවසානය බොහෝ ඉක්මනින් දැක ගත හැක. මා නිරපරාධ තරුණියක් යැයි තීරණය කලහොත් ම හට නැවැත මාගේ මව්රටට පැමිණිය හැක. නැතහොත් මෙහිදි මාගේ හිස ගසා දමනු ඇත.

ශ‍්‍රී ලංකාවෙි මුත්තූර් නැමති පිටිසර ගම්මානයේ උපන් එම සහෝදරවරිය දිළිදුකමෙන් හා කුසගින්නෙන් පෙලෙන තම දෙමවිපියන් හා සහෝදරවරුන්ව බෙිරාගැනීමෙි අදිෂ්ඨානයෙන් විදෙස් ගතවූ ඇයගේ අවසානය මෙය විය හැකමා සවුදි අරාබියාවට ගෘහසේවිකාවක් ලෙස යැවීමෙන් අප පවුල දුප්පත්කමෙන් මුදවා ගත හැකි යැයි පුද්ගලයකු තමන් හට බල කරනබව තාත්තා අමිමා වෙත පවසා සිටියේය

අමිමා එය අසා කම්පනයට පත්වුණි පොඩි දරුවෙකු කෙසේ පිටරටකට යවන්නේ දැයි පවසා මව එය ප‍්‍රතික්‍ෂේප කළාය දිනෙන් දින එම පුද්ගලයාගේ බලපෑම් නිසා අවසානයේ පියා මා ගෘහ සේවිකාවක් ලෙස යැවීමට එකගවිය නමුත් මාගේ මව එයට එක`ග නොවු අතර කුුසගින්නෙන් සිටිියත් සිය`එ දෙනාම එකට සිටිමු යැයි ඇය පවසා සිටියායඑය
ඇත්ත අපි බොහෝ වෙිල් නොකා සිටියෙමු. අපි කිසි දිනක බඩ පිරෙන්නට ආහාරගෙන නොමැත කුසගින්නෙන් සිටිනදාට මම උපවාසයේ සිටිනවායැයි සිතාගත්තත් එම අවස්ථාවෙි ක-ුසගින්න ඉවසාගත නොහැකිව නිදාගනිමින් තාත්තා කන්නට කිසවක් නොගෙනෙන්නේ දැයි බලා සිටින මගේ චූටි මල්ලිලා දෙස බලාගෙන මට නිකමිම සිටිමට නොහැකි විියමේ හේතුවෙන් මගේ සිත වෙනස්කරගෙන අපේ පවුලේ තත්වය පවසා සවුදි අරේබියාවට ගෘහ සේවිකාවක් ලෙස යෑමට සූදානමි බව පවසා සිටියෙමිමගේ තීරණයෙන් තාත්තා කමිපනයට පත්වූවේය අමිමා හඩා වැලපෙමින් සිටියාය ”දුක්වෙන්න එපා අමිමා මම මං ගැන බලා ගන්නමි හැමදාම අපට දුප්පත්කමෙන් ජීවත්වීමට බැහැ පවුලේ වැඩිමල් දරුවා ලෙස පවුලේ වගකීමි මටත් තිබෙනවා” යැයි මම ඔවුන්ට පවසා සිටියෙමි

ත‍්‍රීකුණාමලයේ කුඩා ගම්ිමානයක ජීවත වූ මම කිසි දිනක නගරයක ජීවත් වී නැත ලොකු බස් නැවැතුමි පොලක් හෝ දුමිරිය ස්ථානයක් කිසි දිනක දැක නැත ත‍්‍රිකුණාමලයේ සීනන්කුඩා ගුවන්පථයේ සිට පියාසරන ගුවන් යානා මම දැක තිබෙි නමුත් කිසිම දිනක මා ගුවන් යානයක යාවි යැයි නොසිතුවෙමි. නමුත් ඈත එපිට රටකට තනියම යෑමට මම සූදානමිවුනෙමි සිය`එ දේවල් බියසහිත කාරණාවී තිබුණි
ඉතුරු වී තිබෙන්නේ මගේ ඉතිහාසයයි. ඔවි රිසානා රාෆීක්ගේ ඉතිහාසයේ ඔබ සියඑදෙනා දන්නා කරුණු තමයි මම නොකරපු වරදකට වසර පහක් තිස්සේ සිරක-`දවුරක සිටින්නෙමි ඇතම්ිවිට මට නිදහස ලැබෙයි නැතහොත් මරණීය ද`ඩුවම නියමවෙයි එයට කමක් නැහැ නමුත් මම එක දෙයක් තරයේ් පවසා සිටීමට කැමැත්තෙමි ”මම කිසිම වරදක් කළේ නැහැ එම සි`ගිත්තාව මම මැරුවෙි නැහැ එම චූටි බබාව මරන්නතරමි මට අවශ්‍යතාවක් නැහැ මම එවැනි කෲරිරු දරුවෙකුත් නෙමෙයි”

”එම සි`ගිත්තාට අහාර කැවිීම මගේ පළමු වතාව නොවෙි එදා එම දරුවාව මට දුන්විට ඔවුන්ගේ අණ පිළිපැද එය බාරගත්තෙමි මම එහි ගියේ දිවා ? නොබලා වැඩකර මගේ දෙමවිබියන් හා සහෝදරයන්ව බෙිරාගන්නයි මගේ සේවක ගිවිසුමෙි කුමක්ද ලියා තිබෙන්නෙ දැයි මම නොදන්නෙමි නමුත් මම ඔවුන් පවසන ඔනෑම වැඩක් කිරීමට සුදානමින් සිටියෙමි

දරුවාට කුමක්දෝ සිදූවී ඇතයි දුටු නිවසේ භාරකාරිය හ`ඩා වැලපෙමින් මට බැන්නාය නමුත් මට එය කිසිවක් තේරුනේ නැත නිවසේ හාමුද එම අවස්ථාවෙි එහි පැමිණියේය ඔහු හැකි පමණින් මට තඩිබෑවෙිය මම කිසිවක් නොකළ බවට දෙමළ භාෂාවෙන් ඉක්බිතිව පවසා සිටියෙමි නමුත් එය කිසිවක් ඔවුන් අසා සිටියේ නැහැ මද වෙිලාවකින් ඔවුන්ගේ ඥාතීන් බොහෝ පිරිසක් එහි පැමිණියෝය මම කුමක් සිදුවෙනවාදැයි නොදැන හ`ඩමින් සිටියෙමි මානුෂුක අනුකමිපාවක් නොමැති ඔවුන්ගේ පහරදීමිවලට මුහුණ දීමට නොහැකිව මම නිහ`ඩව සිටියෙමි අපි දුප්පතුන් තමයි එහි කිසිම සැකයක් නැත නමුත් අපි අපරාධකරුවෝ නොවෙයි මගේ දෙමවිපියන් කිසි දිනක මට ගහල නැහැ”

ඔවුන් දරුවාව රෝහලට ගෙනයන කඩිමුඩියේ සිටී බවට මට දැනුණි එම අවස්ථාවෙි පොලිසියේ වාහනද එහි පැමිණියේය මාව පෙන්වා ඔවුන් ක-මක්දෝ පොලීසියට පවසා සිටියේය මා බියටපත්ව සිටියෙමි මම පොඩි කාලයේ සිටම පොලිසය දුටු විට බියපත්වෙමි පාසල් යනවිට පොලිසිය දුටුවිට බියෙන් නිහඩව ගියෙමිි මම ලොකු ප‍්‍රශ්ණයකට මුහුණ දී ඇතයි එම අවස්ථාවෙිදී මට දැනුණි මගේ දෑතට දමිවැල් දමා මාව ඇදගෙන ගියෝය මගේ හිතට ලොකු වෙදනාවක් දැනුණි අඩීමට තරමි මට අවකාශයක් තිබුණේ නැහැ

මට මගේ අමිමා මතක්වුණි ”මා දයාබර අමිමෙි ඔයාගේ දෝනිගේ තත්වය දැනගන්නට ලැබුණනමි ඔබගේ හදවත නතරවෙයි නමුත් අමිමි මම කිසිම වරදක් කළේ නැහැ ඔයා දුක්වෙන්න එපා සියඑ දේ දෙවියන් වහන්සේ අල්ලාහ්ට බාරයි නිරපරාධි මට මෙම කෲරීරු සිත් ඇත්තන්ගෙන් දෙවියන් තමයි බෙරන්න ඔනේ” පොලිසියේදී එම නිළධාරීන් ආරාබි භාෂාවෙන් කුමක්දෝ පවසා සිටියෝය අරාබියෙන් ලියපු ලියකියවිලිවල අත්සන්කරන ලෙස බලකරේය මම දෙමළෙන් මගේ නම ලියාදුන්නෙමි මාව තවත් කාන්තාවන් සිටින බන්‍ධනාගාරයක සිරකළෝය එහි සිටි කාන්තාවන් මාව සනසා මට උදවිකරන බවටත් පවසා සිටියෝය එම කාන්තාවන් මගෙන් බොහෝ දේවල් අසා සිටියෝය මම දෙමළෙන් ඔවුන්ට හැකි පමණින් පැහැදිකර දුන්නේය නමුත් එය ඔවුන්ට තේරුනාදැයි මම නොදැනිමි එහි සිටි කාන්තාවන් දෙදෙනෙක් මා සම`ග සිංහලෙන් කථා කළෝය ඔවුන් මගේ මවිරටෙ කාන්තාවන් ලෙස දැනගනීමෙන් මා සතුටුවුනෙමි එහි සිටි වයසක කාන්තාවක් මාව තුරු`එකරන් මාව සනසුවාය එය මට මගේ අමිමාගේ සෙනහසක් මෙින දැනුණි

දවස් දෙකකට පසු මම තවත් විභාග කිරීමකට කැන්දන් ගියෝය එහි තඩිබාරු ඉන්දියානුවෙක් මගෙන් දෙමළෙන් ප‍්‍රශ්ණකර සිටියේය නමුත් එම දෙමළ භාෂාව මට වටහා ගැනීමට අමාරුවී තිබුණි එය දෙමළ චිත‍්‍රපඨවල තිබෙන දෙමළ වගේ නොවෙි නමුත් මම හැකි පමණින් ඔගේ ප‍්‍රශ්ණවලට අඩමින් පිළිතුරු දුන්නෙමි මම මෙහි පැමිණ සති දෙකකට පසු දෙමළ කථාකිරීමට ලැබුණු ප‍්‍රථම අවස්ථාව එයයිනමුත් එම ඉන්දියානුවා මගේ කථාව මු`එමනින්ම වටහාගත් බවට මම සිතුවෙි නැහැ මම පවැසූ දේ එහි සිටි අනෙකුත් නිළධාරීන්ට ඔහු අරාබියෙන් පරිවර්තනයකරමින් සිටියේය අවසානයේ ඔවුන් මට අත්සන් කරනලෙස ඉල්ලා සිටියෝය මම එහි අත්සන් කළෙමි මගේ කට උත්තරයෙන් පසු මට යවනු ඇතයි මම සිතුවෙමි නමුත් එය එසේ නොවූය එය මගේ දුක්කරදරවලට ආරමිභයක් වී තිබුණි
මට අල්ලාහ් තආලාගෙන් ප‍්‍රාර්තනා කර අඩීම හැර වෙනත් කිසිම මාර්ගයක් නොතිබුණි දෙවියන් නැමැදීමෙන් පසු හා රාත‍්‍රී නින්දට යෑම දක්වා මට මෙයින් නිදහසක් ලැබිය යුතුයැයි මම ප‍්‍රාර්තානා කරමින් සිටියේය සෑම දිනකම උදෑසන සලාතය ඉටකිරීම සදහා නගිටිනවිට බොහෝ බලාපොරොත්තු සහිත නැගිටිටෙමි නමුත් පවතින තත්වය කෙරෙහි මට එතරමි විස්වාසයක නැත මම සවුදියට පැමිණ වැඩිකළක් සිරක`දවුරෙිම ගත කළෙමි

දිනක් මගේ දෙමවිපියන් මාව බැලීමට එහි පැමිණ සිටියෝය ඔවුන්ගේ පැමිණීමෙන් මම බොහෝ සතුටුවුනෙමි නමුත් මට ඔවුන් සමග කථා කිරීමට නොහැකි විය මා නොදැනම මගේ දෑස්වලින් කදුඑ පමණක් ගලා ගියේය මට කිසිවක් කථා කිරීමට පවසා නොහැකිවුණි මගේ දෙමවිපියන්ද අඩමින් සිටියෝය අපගේ ඉරණම සිතා ඔවුන් පිටත්ව ගියෝය
අනෙක්පසින් මගේ මරණයේ අවසන් හුස්මය තිබෙනතෙක් කිසි දිනක නොදුටු මෙම අවාසනාවන්ත සහෝදරිය වෙනුවෙන් තමන්ගේ මුදල් හා කාලය වියදමි කළ සියඑ දෙනාගේම සුභජීවිතය වෙනුවෙන් අල්ලාහ් දෙවියන්ගෙන් ප‍්‍රාර්තනා කරමි
තවද මා වෙනුවෙන් ප‍්‍රාර්තනා කළ සියඑ සහෝදර සහෝදරියන්ටත් මා වෙනුවෙන් තමන්ගේ මුදල් හා කාලය වෙන්කළ මාගේ මවිරට වැසියන්වත් මම අමතක කරන්නේ හැහැ ඔබලා වෙනුවෙනුත් මම ප‍්‍රාර්තනා කරමි
හජ් වන්දනාව අවසන්වීමතෙක් මෙහි මරණීය දඩුවම නොදෙන බව මම දන්නෙමි

අවසානයේ මාගේ නිදහස වෙනුවෙන් හැකි සියඑ උත්සහයන් කළ ශ‍්‍රී ලංකානු මා වෙනුවෙන් කටයුතුකළ සියඑ දෙනාටම මාගේ ස්තූතිය පවසා සිටින්නෙමි

මගේ මවිරටෙි ඔබ සියඑ දෙනාවම නැවැත පැමිණ බැලීමට මම කැමැත්තෙන් සිටින්නෙමි නමුත් එය මිනිපෙටියේ සිට නොව එය ඉටුනොවුනොත් මම ඔබ සියඑ දෙනාවම සුවර්ගයේදී හමුවෙන්නෙමි නියතවශයෙන්ම මට එහි තැනක් තිබෙි මන්ද සත්‍යවශයෙන්ම මම වරදකරුවෙක් නොවෙි

අස්සලාමු අලෙක්කුමි
මීට
රිසානා නෆීක්

(මෙය සත්‍ය තොරතුරු උපුටා ලියනලද්දකි)
GTN ANANDA THANDAVANGTN
TRANSLATION BY ARSHAD REEZAH

සවූදි අරේබියාවෙි ගෘහ සේවිකාවක් ලෙස සෙවය කළ ශ‍්‍රී ලංකාවෙි ත‍්‍රිකුනාමලය දිස්ත‍්‍රික්ක මූතූර් ප‍්‍රදේශයේ අයත් රිසානා රෆීක්ට නැමැති තරුණියට සවුදි අරෙිබියානු අධිකරණය විසින් 2007 ජූනි මස 16වැනිදා මරණිය දඩුවම නියමකර තීන්දුකළේයසවුදි අරෙිබියාවෙි ජිද්දා නගරයේ ගෘහ සේවිකාවක් ලෙස සිටි රිසානා 2005 වසරේ ඔහුගේ බාරයේ සිටි දරුවෙක්ව ඝාතනය කළයි ඇය වෙත එල්ලවූ චෝදනාව මත ඇයට මෙම මරණිය දඩුවම නියමවී තිබෙි
ඇය වෙත පවරනද විභාග කිරීමිවලදී ඇයට විනිසුරුවන් සමිබන්‍ධකර ගැනීමට පවා අවසර නොදී තිබෙි ඇයගේ භාරයේ සිටි එම කුඩා දරුවා මියයන විට ඇයගේ වයස 17ක් පමණය 1988දී ඉපදුනු ඇයව ව්‍යාජ බලපත‍්‍ර සකසා ඇය 1982දී ඉපදුනුබවට පෙන්වමින් ඇයව විදෙස් රටකට ගෘහ දේවිකාවක් ලෙස යවා තිබෙි

ඇයගේ වයස සොදිසිකර බැලීම සදහා කිසිම වෛද්‍ය පරික්‍ෂණයක් හෝ ඇයගේ සත්‍ය උප්පැන්න සහතිය ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හෝ සවුදි අරෙිබියානු අධිකරණය ලබානොදුන් බව ජාතියන්තර මානව අයිතිවාසිකමි සංවිධාන චෝදනාකර තිබෙරිසානාගේ මරණිය ද`ඩුවම අහෝසි කිරීමට ජාතියන්තර මානව අයිතිවාසිකමි සංවිධානය හා ආසියානු මානව අයිතාවසිකමි ආයතනද ඇතුඑ බොහෝ සංවිධාන උත්සහදරමින් සිටිති

සවූදි අරේබියාව 2007 වසරේදී විදේසිකයන් 76ක් ඇතුඑ 158 දෙනෙකුට මරණිය දඩුවම ලබාදී තිබෙ. 2008 වසරේදී විදේසිකයන් 40 දෙනෙක් ඇතුඑව 102 දෙදෙනෙකුටද 2009 වසරේ විදේසිකයන් 19 දෙනෙක් ඇතුඑව 69 දෙනෙකුටද මරණිය දඩුවම ලබාදී තිබෙ.
රිසානා ගේ නිදහස වෙනුවෙන් පෙත්සමට අත්සන් තබන්න..

TRANSLATION BY REEZAH

 

උපුටා ගැනීම :http://www.facebook.com/note.php?note_id=147110045337407&id=124245347628725

by Save Rizana Nafeek-Join against Death Sentence

මිනිසුන් වැරදි කරති.රුපවාහිනි හො පුවත්පත් මගින් එවා නිවැරදි කල යුතුය යන්නෙහි තර්කයක් නොමැත.එසේ ම වැරදි කල අය දඬුවම් විඳිය යුතුය යන්නෙහිද තර්කයක් නොමැත.එහෙත් සදාචර සම්පන්න මාධ්‍යක් ලෙස වැරදි පෙන්වා දීමටද නිවැරදි ක්‍රමවෙදයක් ඇති බව මතක තබා ගත යුතුය.කිසිදු ප්‍රතිපත්තියකින් තොරව විදෙස් හා ලාංකීය වෙනත් මාධ්‍ය කොපි කිරීමෙන් ස්වර්ණවාහිනිය අනාගත් තැන් බොහොමයක් පසුගිය කාලයේ ඔබ නිතර දකින්නට ඇති මෙයද එලෙසම විලිලැජ්ජා නොමැති තවත් හොඳ විදෙස් කොපියකි.

සමහර විටක අයෙකුයම් දෙයක් කරන විට අතපසුවීම් සිදුවන්නට හැකිය සමහර සුළු වැරදි අතපසුවීමක් හෝ නොදැනුවත්කමින් සිදුවිය හැකිය.එය මටද ඔබටද පොදු දෙයකි.එහෙත් මොවුන් ඒ කිසිවක් නොසලකනු ඇත.ඔවුන්ගෙ කෝණයෙන් පමණක් බලා එය ඉදිරිපත් කරයි.ඔවුන්ට හිතෙන දේ මනරම් වචන වලින් ඉදිරිපත් කරති.එහෙත් කාරණය වීඩියෝ පටයෙන් දකින දෙයට වඩා බොහෝ සෙයින් වෙනස් වනු ඇත.නිතියෙන් පවා වැරදි කරුවෙකු සියලු කරුනු සළකා වැරදි ඔප්පුවන තුරු සැක කරුවෙක් පමණකි.එහෙත් මෙ මාධ්‍ය ඔස්තාරලාට එවැනි ක්‍රමවේදක් නැත.ඔවුන්ට එවන්නක් අවශ්‍යද නැත.සිරකරුවෙකුගෙ පවා මුහුණ ප්‍රසිද්ධ කිරිමටපෙර නිවැරදි සදාචරයකින් යුතු මාධ්‍ය දෙවරක් සිතා බලයි.ඒ සිරකරුවන්ද මිනිසුන් බැවිනි ඔවුන්ටද නිවැදි වන්නට අවස්ථාවක් ලබාදිය යුතු බැවිනි.එහෙත් ස්වර්ණවාහිනියට  එවන්නක්ද අවශ්‍ය නැත.ඒ ඔවුන්ට සදාචරයක් නොමති බැවිනි.මොකක් හෝ විකුණනා ගොඩ යා යුතු බැවිනි.

සිනහවට කාරනය වන්නේ රාජ්‍ය  නිළධාරීන් ප්‍රසිද්ධියේ ගස් බඳින මැරයන් තරඟ විනිශ්යකරුවන් කරන,පගාකාරයෙන් හා අන්ත හොරුන් තරු හතේ වැඩසටහන් වලට ගෙන්නෙන ස්වර්ණවාහිනියම හෙල්මටයක් නොමති යතුරුපදි කරුවෙක්,කොලයක් විසිකරන පාසල් සිසුවෙක් වැරදිකරුවෙකු කොට ඔහුගේ මුහුණ විනඩි කිහිපයක් රටටම පෙන්වීමය.

දවසෙ වැරැද්ද නිසා විනශ වු මිනිසෙකු ගේ සංවේදි පුවතක් මීලඟ ලිපියෙන්………….

නිසංසලව ගලායන මහවැලි නදිය අසබඩ හන්තාන පාමුල පිහිටා ඇති පේරාදෙණි සරසවිය අද උණුසුම් වී පැවතීම පිළිබඳ අප තුළ ඇත්තේ සංවේගයකි. අද සියලු දෙනාම මේ පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයට (අන්තරයට) චෝදනා කරමින් සිටිති. ප්‍රතිපාදන කොමිසමේ මහාචාර්ය ගාමිණී සමරනායක, උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක ඇතුළු බොහෝ දෙනා මෙහි වගකීම අන්තරයට පවරමින් සිටිති. එසේ කිරීමෙන් ගැටලු විස¹ගත හැකිද? මෙම අර්බුදය පිළිබඳ මැදිහත්ව විමසීම ලිපියේ අරමුණ වෙයි.

අන්තරය තම බලය ප්‍රබල ලෙස තහවුරු කර ගත්තේ 88-89 න් පසුව සරසවි සියල්ලම වසර ගණනාවකින් පසුව විවෘත වීමත් සමගය. අන්තරයේ ප්‍රථම කැඳවුම්කරු වූයේ ශාන්ත බණ්‌ඩාරය. ජ.වි.පෙ. ප්‍රබල සාමාජිකයකු වූ ඔහු පසුව ඝාතනය විය. පසුව කැඳවුම්කරුවන් වූ සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් වූහ. චමිර කොස්‌වත්ත, දුමින්ද නාගමුව පළාත් සභා සඳහා ජ.වි.පෙ.න් තරග වැදිණි. දැනට කැඳවුම්කරු වන උදුල් ප්‍රේමරත්නද ජ.වි.පෙ. ශිෂ්‍ය සංගමය වන සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ප්‍රබල සාමාජිකයෙකි. ඒ අනුව අන්තරයේ ප්‍රබලයන් ජ.වි.පෙ. බවටත් එය ජ.වි.පෙ. න් මෙහෙයවන බවටත් පැහැදිලි වන කරුණකි.

නමුත් දිගු කලක්‌ නිසලව නිහඬව සිටි පේරාදෙණි සරසවිය එක්‌වරම ගිනිගත්තේ කෙසේද? එය අහේතුකව සිදුවූ දෙයක්‌ද? නැත. එය සිදුවූවේ උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක මහතා පරිගණක මධ්‍යස්‌ථානයක්‌ හා නීති පීඨ ගොඩනැඟිල්ලක්‌ විවෘත කිරීමට පැමිණි දා සිටය. ආරංචි වී ඇති පරිදි එම පරිගණක මධ්‍යස්‌ථානය වසර ගණනාවක්‌ සිට පරිහරණය කරන බවත්, නීති පීඨ ගොඩනැඟිල්ල ශිෂ්‍ය නේවාසිකාගාරයක්‌ව තිබූ බවත් සඳහන් කළ යුතුය. සරසවි සිසුන් මේ බව දන්නා නිසා විවෘත කිරීමේදී හූ කියා තිබේ. පෙරකී කරුණු නොදත් නිසාදෝ ඇමැතිවරයා ආවේගශීලීව “හූ” කියන ලද සිසුන්ට නීති ප්‍රකාරව කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ට නියෝග කිරීමෙන් අනතුරුව සිසුන් සතර දෙනකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී. පේරාදෙණි සරසවිය ගිනිගත්තේ එතැන් සිටය.

උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එස්‌. බී. දිසානායක මහතාට සරසවිය තුළට පිවිසීමට ඇති අයිතිය අවිවාදයෙන් පිළිගත යුතුය. එසේම සරසවි සංස්‌කෘතිය හඳුනාගැනීමද ඇමැතිවරයකු සිදුකළ යුතුය. මඳක්‌ ඉතිහාසය දෙස හැරෙමු. පේරාදෙණි සරසවියට පැමිණි පළමු ඇමැතිවරයා එස්‌. බී. දිසානායක මහතා නොවේ. හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා පේරාදෙණි සරසවියට පැමිණිවිට “හූ” කියා පිළිගෙන තිබේ. එවැනි බොහෝ දේශපාලනඥයන්ට හා නිලධාරීන්ට එම ඇබැද්දිය සිදුව තිබේ. පසුගිය රජයේ කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂි පීඨ ගොඩනැඟිල්ලක්‌ විවෘත කිරීමේදී ඔහුටද සුපුරුදු “හූ” කීම සිදුවූ මුත් ඔහු මහත්මයකු සේ පිටව ගොස්‌ තිබිණි. නමුත් උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයා සිසුන් සතර දෙනකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර විශ්වවිද්‍යාල දෙබරයට ගල්ගසා තිබේ. විනය විරෝධී කටයුතුවලට අනිවාර්යෙන්ම දඬුවම් කළ යුතුය. මෙහිදී එය විශ්වවිද්‍යාල මට්‌ටමින් කිරීමට හැකියාව තිබිණි. ඒ “හූ” කීම සාපරාධී අපරාධයක්‌ නොවන නිසාය. (එමගින් “හූ” කීම සාධාරණීකරණය නොකෙරේ) නමුත් දැන් සිදුව ඇත්තේ කුමක්‌ද? අඬන්නට සිටි අන්තරයේ ඇසට ඇඟිල්ලෙන් ඇනීම නොවේද?

ජ.වි.පෙ. ට උද්ඝෝෂණ සඳහා ශිෂ්‍ය මළ සිරුරක අවශ්‍යතාවක්‌ තිබිණි. ඉතිහාසය පිරික්‌සීමෙන් ඒ බව සනාථ වේ. එයට මාවතක්‌ උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයා විවර කර දුන්නේ ඇයිදැයි නොතේරේ. අමාත්‍යවරයාගේ තීරණයෙන් සිදුව ඇත්තේ කුමක්‌ද? කොළඹ, උතුර, නැගෙනහිර ආදී විශ්වවිද්‍යාල කීපයක්‌ හැර සියලුම විශ්වවිද්‍යාල ගිනිගෙන ඇත. නැතහොත් අන්තරය විසින් ගිනිතබා ඇත. රජය අස්‌ථාවර කිරීමට බටහිර පුමුඛ ෙද්‍රdaහීන් කටයුතු කරන මේ අවධියේ එයට අනියමින් සහය දෙන ජ.වි.පෙ. ට අවියක්‌ ලැබී ඇත. ජ.වි.පෙ. මේ කාලසීමාව තුළ පත්ව සිටින නන්නත්තාර බවින් මිදීමට එම අවිය හැකි උපරිමයෙන් මෙහෙයවීමට යත්න දරනු ඇත. එම අවිය ලබා දුන්නේ කව්ද? ගිනි නිවීමට පෙට්‍රල් දැමීමෙන් සිදුවන්නේ කුමක්‌ද? සිදුවන්නේ සිසුන්ගේ විරෝධය වෛරයක්‌ බවට පත්වීම පමණි. කඩාකප්පල්කාරි සුළුතරයටද අවශ්‍ය වන්නේ එයයි. උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට කඩාකප්පල්කාරි ක්‍රියා සිදුවූවානම් වගකිවයුත්තන් අත්අඩංගුවට ගත යුතුය. ඒ අනුව ශිෂ්‍යයන් 21 ක්‌ අත්අඩංගුවට ගැනිණි. විරෝධතාවට බලෙන් රැගෙන ආ බව කියන සිසුන්ද ඒ අතර සිටිති. අන්තරයේ කැඳවුම්කරු වන උදුල් ප්‍රේමරත්නද විරෝධතාවේ ඉදිරියෙන් සිටියද ඔහු අත්අඩංගුවට ගැනීමක්‌ ඒ මෙහොතේ සිදු නොවිණි. ඔහු අත්අඩංගුවට නොගැනීමට, ශිෂ්‍යයන් 21 ක්‌ දෙනා අත්අඩංගුවට ගැනීමට බලපාන විශේෂ හේතුවක්‌ අපට නොපෙනේ. එය කුඩු රජවරුන් යහතින් සිටියදී කුඩු බොන්නන් සිරකර දඬුවම් දීමේ පසුගිය රජයන් කළ වැඩපිළිවෙළට සමාන නොවන්නේද? ගසක්‌ කැපීමට මුල් සිඳීම කළ යුතුය. ගසේ කොළ කඩා දැමීම අනර්ථදායකය.

උද්ඝෝෂණ හා විරෝධතා වැළැක්‌වීමේ සහ ගැටලු විසඳීමේ සැබෑ වුවමනාවක්‌ අදාළ බලධරයනට තිබෙන බවක්‌ පෙනෙන්නට නැත. අන්තරයට බැනීමෙන් සරසවි ගැටලු කිසිත් නොවිසඳේ. සරසවි සිසුන් ශිෂ්‍යයන් ලෙස හැඳින්වුවත් ඔවුන් ඡන්ද බලය හිමි වැඩිහිටි පිරිසකි. අනාගත රට කරවන්නන් පිරිසකි, ඔවුන්ගේ විරෝධතා නොසලකා නොහැර පවත්නා රජයන් විසින් ඒවාට පිළියම් කළ යුතුමය. මෙහිදී ශිෂ්‍යයන් වැදගත් ලෙස හැසිරීම කළ යුතුය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වූ පමණින් ඔවුනට සිවිල් නීතිය අභිබවා යැම කළ නොහැකිය. එස්‌. බී. දිසානායක මහතා තමා සරසවි වලට පියකු වීමට බලාපොරොත්තු වන බව පැවසීය. එසේ නම් පියා කෙවිට අතහැර ඥනවන්තවීම වැදගත්ය. මන්ද පුතුන් තරුණ ගැටවරයන් වන බැවිනි. සරසවි ශිෂ්‍යයන් අත්‍යවශ්‍ය මොහොතදී නොබියව විරුද්ධ විය යුතුය. මන්ද උගතුන් හා බුද්ධිමතුන් නිහඬ වූ තැන මෝඩයන්, අවස්‌ථාවාදීන් හා බලකාමින් පිනුම්ගසන බැවිනි. රනිල් වික්‍රමසිංහ මහතා පෙර කලෙක ගෙන ආ අවස්‌ථාවාදී අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්ධව සරසවි සිසුන් පාරට බැසීම නිසා ඔහුට එය අකුලාගැනීම සිදුවිය. නමුත් අද ප්‍රශ්නය වී ඇත්තේ සුළු දෙයටත් සරසවි සිසුන් ආවේගශීලීව පාරට බැසීමය. අධ්‍යපනවේදීන් එකී කරුණුවලට පිළියම් සෙවීම කළ යුතු නොවේද?

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සාකච්ඡාවකදී සඳහන්කර තිබූ කරුණක්‌ පිළිබඳ යොමු කරමු. ඔහුට අනුව මැලේසියාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල 20 ක්‌ හා පුද්ගලික විශ්ව විද්‍යාල 15 කි. එසේම එහි එක්‌ රාජ්‍ය විශ්ව විද්‍යාලයක්‌ ලොව හොඳම විශ්ව විද්‍යාල 200 අතරින් 196 වැනි තැනට පත්ව තිබේ. නමුත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල ස්‌ථානයන් පිළිබඳ සඳහනක්‌ නොවිණි. දන්නා පරිදි අසල මානයක ස්‌ථානයක්‌ නැත. එහි වගකීමද අන්තරයට පවරා අත සෝදා ගැනීමට අදාළ බලධරයන්ට නොහැක. එසේනම් ප්‍රතිපාදන කොමිසම හා උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයා මුලින්ම කළ යුත්තේ ගුණාත්මක බවින් යුත් රාජ්‍ය විශ්ව විද්‍යාල බිහි කිරීම නොවේද? ශ්‍රී ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල ඇති නොකළ යුතු යෑයි අප නොකියමු. නමුත් විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධාරින් විරැකියාවෙන් පෙළෙති. සම්මුඛ පරීක්‍ෂණයදී උපාධියට වඩා ක්‍ෂඵAල ක්‍ෂඵල AAඔගගගග ආදිය බලවතුන් වෙති, රැකියා ලබා ගැනීමට දේශපාලුවන් පසුපස යා යුතුය. සමහර විටක රැකියා සඳහා ප්‍රසිද්ධියේ විභාග පවත්වන මුත් එහි ප්‍රතිඵලයක්‌ විභාග අපේක්‍ෂකයන්ට ලැබෙන්නේ නැත. දේශපාලන හෙන්චයියාලට පුරප්පාඩු ලැබෙන රටක පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කළොත් සිදුවන්නේ කුමක්‌ද? විභාග සමත් නොවන, සමත් වීමට යත්ත නොදරන හා යන්තම් සමත් වන මැති ඇමැතිවරුන්ගේ ඥති හිතමිත්‍රාදින්ගෙන් හා ආධාරකරුවන්ගෙන් එම පෞද්ගලික විශ්ව විද්‍යාල පිරී ඉතිරී යනු ඇත. ඉන්පසු පුරුදු පරිදි වඩා විධිමත්ව එකී දේශපාලන හෙන්චයියලාට රැකියා ලැබීම සිදුකළ හැකිවෙනු ඇත, එවිට නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙන් හා අතිමහත් උත්සහයෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට තේරී උපාධිය ලබන්නන්ට සිදුවන්නේ කුමක්‌ද? පළමුව සිදුවිය යුත්තේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාලවල තත්ත්වය උසස්‌ කිරීම හා උපාධිධාරීනට ඔවුනගේ අනාගතය පිළිබඳව විශ්වාසය ඇති කිරීම නොවේද? එසේ නොකොට එක්‌වරම පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමෙන් සිදුවන්නේ අගතියක්‌ හා අසාධාරණයක්‌ පමණි.

පෙනෙන පරිදි සරසවි සිසුවාට උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා පිළිබඳ එතරම් පැහැදීමක්‌ හා විශ්වාසයක්‌ නැත. විශ්වාසය හා ගෞරවය බලෙන් ලබාගත නොහැක. උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයා විශ්වවිද්‍යාලවල තත්ත්වය උසස්‌ කරනවා කියා මාධ්‍යවලට පැවසුවත් කරන්නේ කෙසේද කියා කියන්නේ නැත. විශ්වවිද්‍යාලවලට වූ සෙතකුත් නැත. එම නිසා කඩිමුඩියේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇටවීමට කටයුතු නොකොට අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්‌ පක්‍ෂ විපක්‍ෂ සියලු බලවේගවල සහභාගිත්වයෙන් ඇති කිරීමට කටයුතු කළ යුතුය. මර්දනය වෙනුවට සහයෝගිත්වය වඩා ප්‍රතිඵලදායක වනු ඇත. ඒ හැර මාධ්‍ය මගින් කරන ව්‍යාජ රංගනයන්ගෙන් ගැටලු විසඳීමක්‌ සිදු නොවේ. මෙහිදී මාධ්‍යයන්ද ක්‍රියා කරන අයුරු යුක්‌ති සහගත නොවේ. සාමකාමී විරෝධතා ආවරණය නොකරන මාධ්‍ය ඇතිවන ගැටුම් පුවත්පත්වල මුල්පිටට දමා ලේ රත්වන ලෙසට කතුවැකි ලියති. ප්‍රවෘත්ති විකාශවල පසුවිපරම් කරති. එනයින් ගත් කල මහජනතාවට විශ්වවිද්‍යාල සිසුන් කෙරේ අප්‍රසාදයක්‌ ඇතිවීම අතිශය සාධාරණය. රජයත් අන්තරයත් මාධ්‍යත් තම තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් විශ්වවිද්‍යාල හා සිසුන් යොදා ගැනීම නොකළ යුතුය. ඉන් නන්නත්තාර වන්නේ අහිංසක සරසවි සිසුවාය. අහිමිවන්නේ කන්නන්ගර මහතා නොයෙකුත් අභියෝග මැද සාමාන්‍ය ජනතාවට උරුමකර දුන්, එසේම නොයෙකුත් අභියෝගවලට මුහුණදුන් හා තවමත් සමහර නරුමයන් වනසන්නට අසීමිතව වෙර දරන නිදහස්‌ අධ්‍යාපනයයි. අවසන විනාශ වන්නේ වසර තිහක ත්‍රස්‌තවාදී කුමන්ත්‍රණයක්‌ අභීතව පරාජය කොට තිරසාර සංවර්ධනයක්‌ කරා අළු ගසා නැගිටන ශ්‍රී ලංකාවේ අනාගතයයි.

රජයක්‌ බිහිකරගන්නේ මහජනතාවගේ බහුතර කැමැත්තෙනි. එසේ නම් එම රජය කරන හොඳ නරක සියල්ලේම වගකීමක්‌ එකී බහුතර මහජනතාවට ඇත, යහපත් දෙයහි යහපත් බව කීමත් අයහපත් දෙයහි අයහපත් බවත් ඇත්ත ඇති සැටියෙන් පැවසීම කළ යුතුය. නැත්නම් අනර්ථය සිදුවන්නේ රටටය. රට දියුණුව කරා ගෙන යැම සඳහා ඇප කැපවන කියන දේ කරන අභීත නායකත්වයක්‌ අපට සිටියි. නැත්තේ විෂයට ගැලපෙන අමාත්‍යමය හා පරිපාලනමය නායකත්වයයි. සුදුස්‌සන් සුදුසු තැන නොසිටීම බොහෝ ගැටලු වලට මුල වේ. උසස්‌ අධ්‍යාපනය වැනි විෂයක්‌ පරිපාලනය කරන අයට ඉවසීම, සාමකාමී සාකච්ඡාවල යෙදීමේ හැකියාව, ඥනවන්තභාවය හා අවංක බව තිබීම වැදගත්ය. එස්‌. බී. දිසානායක මහතා අවිවාදයෙන්ම දේශපාලනයේ අතිදක්‍ෂයෙකි. නමුත් උසස්‌ අධ්‍යාපන විෂය කෙරෙහි ඔහුගේ භූමිකාව අතිශය විවාදිතය. ගල් ගසා ඇති විශ්වවිද්‍යාල දෙබරය යථාතත්ත්වයට පත්කිරීම බලධාරීන්ගේ වගකීමය. ඒ සඳහා මහජනතාව ලෙස විශ්වවිද්‍යාල සිසුන්ද අපද අපගේ පූර්ණ සහාය ලබාදිය යුතුය.

ජ.මු. විඡේසිංහ බණ්‌ඩාර

පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භය කෙසේ කෙලෙස ආරම්භ වුවද එය පාර්ශව දෙකට  රජ මඟුල් වනු ඇත.
ඉන් එක් පාරශවයක් වන්නෙ එක් පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් කෝටි ගනනක් කොමිස් ගහන දේශපාලුවන්ය…ඔවුන් සිය පෞද්ගලික වාසිය තකා පෞද්ගලික විශ්ව විද්‍යාල සුදු හුණු වලින් වසනු ඇත..කොමිස් පප්පන් කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිව පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිම තුලින් නුදුරේම රාජ්‍ය විශ්ව විද්‍යාලවල මළගම සිදුවනු ඇත.
අනෙක් පාර්ශවය වනුයේ සිසුන්ගෙ මළගම තුලින් දේශපාලන වාසි ලබන ජ.වි.පෙ ප්‍රමුක අන්තර විශ්වවිද්‍යාල බල මණ්ඩලයි.ඔවුහු හුදෙක් පටු අරමුණු වෙනුවෙන් සිසුහු කඩෙ යවති.රූප පෙට්ටියෙ අඟන රැගූම් පා අවසානයේ කිසිවක් නොලබන තැන ලැජ්ජ නහර කපා ඇති මේ හැත්ත වෙනත් අලුත් මාතෘකාවක් සොයා ගනුඇත(සුසන්ත සිසුවා දැන් ඔවුන්ට මතක නැත )
කෙසේවෙත්ත අවසානයේ අසරණ වන්නේ අනන්ත දුක් විඳ විශ්ව විද්‍යාල වලට පැමිණි අහිංසක සිසුන්ය….
දියුණු වන රටක් ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කලයුතුය යන්න යම් තාක් දුරට පිළිගත හැකි තර්කයක් වුවද කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිව ආරම්භ වන ඊනිය පෞද්ගලික(කොමිස්) විශ්ව විද්‍යාල වලට විරුද්ධ සටනට නිවැරදි නායකත්වයක අවශතාවය දැඩිව දැනෙමින් පවතී